(ශාන්ත චන්ද්‍රසිරි)
අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යන බව ජනතාව කියති.
ජනතාවට බෙදා නොදීම හේතුවෙන් ප්‍රාදේශීය සභාව විසින් මිලට ගන්නා ලද පොල්, ලොකු ළුණූ, සුදු ළුණූ, ලුණු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය රැසක් මේ වනවිට නරක්වී විනාශවී යාමේ අවදානමට ලක්ව ඇති බවත් පවතින ඇඳිරි නීතිය හමුවේ කිසිඳු ආදායමක් නොමැතිව දැඩි දුෂ්කරතාවයට ලක්ව සිටින තමන්ට කඩිනමින් එම ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලෙස ජනතාව ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
තවදුරටත් මෙම වියලි ආහාර ද්‍රව්‍ය තොගය මෙසේ ගබඩාවේ අනාරක්ෂිත අයුරින් ගබඩා කර තිබීමෙන් ඒවා සම්පුර්ණයෙන්ම නරක් වී, ගුල්ලන් ආදි සතුන් බෝවී විනාශ වී යාමට ඉඩ ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය නුවරඑළිය ප්‍රාදේශීය සභාව විසින් මිලදී ගෙන අද (12) වනවිට දින 19 ක් පමණ ගතව තිබේ.
මේ පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජන් මහතාගෙන් කරන ලද විමිසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.
“රටේ පවතින මෙම අර්බුධකාරි තත්ත්වය හේතුවෙන් වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාව විශාල පිරිසක් මාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අසරණව සිටිනවා.
“රටේ පවතින මෙම අර්බුධකාරි තත්ත්වය හේතුවෙන් වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාව විශාල පිරිසක් මාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අසරණව සිටිනවා.
ප්‍රාදේශීය සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා අනුමැතිය ලබාගෙන ඔවුන්ට බෙදාදීමට ප්‍රාදේශීය සභාවට ලැබී ඇති බදු මුදලින් රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මිලදී ගත්තා.
එහෙත් ඒවා ජනතාවට බෙදාදීමට සියළුම කටයුතු අවසන් කර තිබියදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් නියෝගයක් කර තිබෙනවා එම භාණ්ඩ ජනතාවට නොමිලේ ලබා නොදී මුදලට ලබා දෙන ලෙස.
දුප්පත් ජනතාව අතේ මේ අවස්ථාවේ මුදල් නැහැ. ඔවුන් දැඩි ලෙස අසරණවයි ඉන්නේ. ඒ තත්ත්වය මත එම වියළි ආහාර ද්‍රව්‍ය තොගය බෙදාදීමට නොහැකිව ගබඩා කර තිබෙනවා. ඒවායේ සමහර භාණ්ඩ මේ වනවිට නරක් වී යමින් පවනිනවා.”
මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කර දෙන මෙන් මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිනවා” යයිද සභාපතිවරයා පැවැසීය.